Monday, August 5, 2013

5 Steps to Healthy Spending Habits


        අපි හැමෝම ජීවත් වෙන්නෙ තරගකාරී ආර්ථික සහ සාමාජයීය දිවි පෙවෙතක.  අද කාලෙ හැටියට මහන්සි වෙන තරමට තමයි සාක්කුව පිරෙන්නෙ. ඉතින් සාක්කුව පුරවන්න මහන්සි වෙන්න ගියාම වෙලාව හරස් වෙනව ගෙදරදොර වැඩ ටිකවත් කරගන්න බැරි තරමට. ඉතින් මේ අවිවේකි තත්ත්වය හමුවේ කරන්න තියෙන වැඩ ටික භාගෙට භාගයක් අමතකයි. මතකයෙ තිබුණත් වැඩටික කරගන්න වෙලාව මදි.

සාප්පු යන්න පිටත්වෙනව නිවාඩු දිනයට. ඒ කියන්නෙ ගොඩක් වෙලාවට ඉතින් ඉරිදට තමතමයි. බඩු ටික අරගෙන මුදල් ගෙවන වෙලාවට තමයි පසුම්බිය මතක් වෙන්නෙ. පසුම්බිය ගෙදර. අහඹුලෙස වැස්සොත්, වහින වෙලාවට තමයි කුඩය මතක් වෙන්නෙ. එහෙමත් නැතිනම් ජංගම දුරකථනය ගෙනැවිත් නැහැ.

ගෙදරදි ආහාර පමණට වඩා පිසීම තුලින් ආහාර බොහොම ප්‍රමාණයක් ඉවත දමන්නට සිදුවේවි. දවස් දෙක තුනක‍්‍දී ඉවත දමන දේවල් ප්‍රමාණයන් අනුව සොයාබැළුවොත් එක දවසක් හරි ප්‍රයෝජනයට ගන්න පුළුවන් දේ අපි නිරපරාදෙ විසි කරනව. ලියන්න ගියොත් ගොඩක් තියෙනව. අපි කාරණාවට බහිමු.

වැඩි මහන්සියක් නැතිව, ශරීර සෞඛ්‍යට හිතකර ලෙස සහ තමන්ගේ එදිනෙදා ආර්ථික තත්ත්වයට සරිලන අයුරින් ඒ කියන්නෙ අතේ තියෙන මුදලට සරිලන අයුරින් ගෙදරදොර වියදම් අරපිරිමසා ගන්න, සැලසුම් කරගැනීම සඳහා වන කෙටි උපාය මාර්ග 05ක් පහතින් දක්වල තියෙනව. සම්පූර්ණ වශයෙන් නොවුණත් ටිකක් හරි පිටුවහලක් වේවි ඔබට ඒ නිසා කියවන්න.

Tip 1: සියල්ල දළ වශයෙන් සැලසුම් කරගන්න


       
        වර්ථමානයෙදි වැඩිදෙනෙක් අන්තර්ජාලය භාවිතා කරනව. ඔබට පුළුවන් ඉදිරි සතියට අවශ්‍ය වන දේ පිළිබඳව පුංචි වෙලාවකදි සොයාබැලීමක් කරන්න. රූපවාහිණිය, ගුවන්විදුලිය, පුවත්පත් ආදී සියළුම මාධ්‍යයන් මේ සඳහා උපයෝගී කරගන්නටත් පුළුවන්. උදාහරණයක් ලෙස කිසියම් දෙයක මිළ අඩුකිරිම පිළිබඳව පළකර ඇති දැන්වීම් භාවිතයෙන් අඩු මිළ සහ තත්ත්වයෙන් උසස් දෑ පිළිබඳව සොයාබැලීමක් කරන්න පුළුවන්. ඒ අනුව ඔබේ නගරයේ ඔබට මිළදී ගැනීමට අවශ්‍ය දෑ කුමන ස්ථානයකින් මිළදී ගන්නවාද කියා තීරණය කරන්නටත් පුළුවන්.

Tip 2: අනවශ්‍ය දෑ සඳහා වන පෙළඹීම මගහරින්න



       අනිවාර්යයෙන්ම ඔබ සාප්පු සවාරියක් යාමට පෙර කුස පිරෙන්න ආහාර අනුභව කර ගමන පිටත් වෙන්නට අමතක කරන්න එපා. ලොකු සාප්පුවකට හෝ සති පොළට ගිහින් හරි අවශ්‍ය දේ තොරද්දි මිළදීගත් සෑම දෙයක්ම ඔබ ඔසවා තබාගත යුතුයි. ඇත්තටම ‍ශරීරයේ ශක්තියෙන් කැලරි බොහොම ප්‍රමාණයක් දහනය වන අවස්ථාවක් මේක.  කුසගින්නත් එක්ක අධික තෙහෙට්ටුවක් දැනෙන වෙලාවට ඔබ මිළදී ගන්නා දේ කොහොම දෙයක් වුණත් මිළ කොපමණ වුණත් මිළදී ගන්නව ඒ නිසා. එහෙම වෙලාවට කුසගින්න නිවා ගන්න ශරීරයට අහිතකර දේවල් අමතර මුදලක් වියදම් කරල ලබා ගන්නත් වෙනව.
         
Tip 3: දේශීය දේ මිළදී ගන්න



          එළවළු හෝ පළතුරු මිළදී ගන්නා අවස්ථාවලදී ගොඩක් වෙලාවට අපේ රටේ ගොවියන්ගේ දෑතින් නිෂ්පාදනය වුණු ශරීරයට හිතකර දේ මිළදී ගන්න උත්සාහ කරන්න. මේ දේවල් අධික මිළක් වෙන්නෙ නැහැ. ඒ වගේම ශරීරයට අහිතකර කෘෂිරසායන අඩංගු වෙන්නෙත් නැහැ. ඔබේ නිරෝගීමත් භාවයට මෙය හේතුවක් ‍වේවි.

Tip 4: මිළදී ගැනීමට ප්‍රථම මුළු වෙළඳපොල පුරාවම පරීක්ෂා කරන්න



මෙමගින් සුදුසු ද්‍රව්‍ය සහ ඒවායේ මිළ ගණන් පිළිබඳව සහ තමන්ට මිළදී ගැනීමට ඇති ද්‍රව්‍යයන් මිළදී ගැනීම සඳහා සුදුසුවන ස්ථාන පිළිබඳව දළ අවබෝධයක් ලබා ගැනීමට ඔබට රුකුලක් වනු ඇත.

Tip 5: අරපිරිමැස්මෙන් ආහාර පිසින්න



          නිවසේ සිටින අයගේ උවමනාවට සරිලන පරිදි අවශ්‍ය ප්‍රමාණයට ආහාර පිසීම තුලින් සහ පමණට අනුව ආහාර පාරිභෝජනයට ගැනීම තුලින් තවත් එක් දිනකට හෝ සෑහෙන පරිදි ආහාර ද්‍රව්‍යයන් ඉතිරි කර ගැනීමට පුළුවන් නේද.








Next to our physical health most of us are primarily concerned with our financial health, and with good reason. Although our intentions are usually good, our follow-through and discipline generally isn’t. Mere mention of the word budget or cutback sends us into fits.

0 comments:

Post a Comment

You might also like: