Saturday, August 3, 2013

At least 12,000 undergrads still without hostel facilities






සරසවි සිසුවියන්ගේ නේවාසිකාගාරයට රෑට රෑට...

සබරගමුව සරසවි සිසුවියන්ගේ නේවාසිකාගාරයට රෑට රෑට කිසියම් පුද්ගලයකු පැමිණෙන බවට තොරතුරක් තමයි දැනගන්න ලැබුණෙ. දන්නෙ නැද්ද අපේ අයගෙ හැටි ඉතින්. කොහොමහරි සිසුවියන් ටික මේ විස්තරය  ජ්‍යෙෂ්ඨ ශිෂ්‍ය උපදේශකවරයාට දැනුම් දුන්නට පස්සෙ ‍වුණු සිද්ධිය තමයි මරේ මරු.


කිවන්නකො. කියවන්නකො. හොඳම හරිය තව ඉස්සරහට. පසුගිය 30 වෙනිදා ජ්‍යෙෂ්ඨ ශිෂ්‍ය උපදේශකවරයයි කාන්තා සහ පිරිමි අධ්‍යන ශාලාධිපතිවරුන් එක්ක රෑවෙලා ගිහින් තියෙනව පොඩි විමර්ශණ පාරක් දාන්න. වඳින්න ගිය දේවාලෙ ඉහේ කඩාගෙන වැටුන වගේ එතන හිටිය ශිෂ්‍යයින් පිරිසක් ශෝභන (ඉස්සරහට ‘අ’ දාගන්න) ලෙස හැසිරෙමින් දෙක තුනක් අනින්න හදල.


මේ සිද්ධියෙන් පස්සෙ දන්නැද්ද ඉතින් කට්ටිය සංකේත වැඩවර්ජන පාරක් එහෙම දාල, අදාල අයට දඩුවම් ලබා දෙන්න කියල තියෙනව. නැති වුණොත් වැඩේ බකල් කියලත් තියෙනව.


කොහොම වුණත් මේ සිද්ධිය සම්බන්ධයෙන් සබරගමුව සරසවියේ ශිෂ්‍ය එකමුතුවේ ප්‍රකාශකයකු පවසා ඇත්තේ නේවාසික සිසුන්ට ඇති අනාරක්ෂිතභාවය සහ පවතින අඩුපාඩු පිළිබඳව දිගින් දිගටම පරිපාලනය දැනුවත් කර ඇති බවත් පරිපාලනය මුණිවත රකින බවත් පවසා ඇත.



කිහිප වතාවකදී රාත්‍රී කාලයේදී මෙම සිසුවියන්ගේ නේවාසිකාගාරයට සොරුන් කඩාවැදී ඇති අතර, නේවාසිකාගාර බිත්තියක් පෙරළීමෙන් ඒ අසල සිටි ශිෂ්‍යාවන් දිවි බේරාගෙන ඇත්තේ අනූනවයයි දශම නවයෙනි. 2011 පොබරවාරි මාසයේදී විදුලි සැර වැදීමෙන් සිසුවකු ජීවිතක්ෂයට පත්ව ඇත්තේ ද මෙම තත්ත්වයන් හමුවේ බව පවසන ඔවුන් ඉල්ලා සිටින්නේ නේවාසික ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ අධ්‍යන කටයුතු සහ නේවාසිකාගාර පහසුකම් සලසා දෙන ලෙසය. මෙම අඩු ලුහුඩුකම් පිළිබඳව සොයාබලන්නේ නම් සිසු - ආචාර්ය්‍ය අර්බුදය තව දුරටත් නොපවතිනු ඇත.




At least 12,000 more undergraduates require hostel facilities, as issues over accommodation within universities continues.
The Sabaragamuwa and Peradeniya Universities have the most number of students eligible for hostel facilities, but are yet to receive them, with 1,953 and 1,875 students respectively, needing hostel facilities.

0 comments:

Post a Comment

You might also like: