Tuesday, August 6, 2013

why do we need to save water?




ජල බිඳක් හෝ ඉතිරි කරමු

ජලය වනාහි සියළු සත්ත්වයාගේ දිවි පැවැත්මෙහිලා අත්‍යාවශ්‍යම දෙයක්ම වන්නේ ය. කෘෂිකර්මාන්තය සඳහා ජලය හිගවන්නේ නම් නිසිපරිදි කෘෂිකාර්මික කටයුතු සිදුකල නොහැක. කෘෂිකර්මාන්තය අඩාල වන්නේ නම් ආහාර හිගයක් ඇතිවීම වැලැක්විය නොහැක. අහාර හිගයක් ඇති වු කල අපහට සිදු වන්නේ කුමක්ද? වර්ථමානයේ වුවද මේ තත්ත්වයන්ට මුහුණදී සිටින පිරිසක් වෙති. නිසි අයුරින් කිසිවෙකුත් ඔවුන් පිහිට වන්නේද නැත. ජල සම්පත සිඳී ගියපසු ජලය වෙනුවට භාවිතා කල හැකි විකල්පයක් ද නැත.



පෘථිවි ගෝලයේ පවතින ජල සම්පතෙන් 70%ක් පමණ කෘෂිකර්මාන්තය සහ වාරිමාර්ග කටයුතු වලට බෙදී ගොස් ඇත. එයද මනා සැලසුමකින් කළමණාකරණයකින් තොරව භාවිතයට ගන්නේ නම් අනාගතයේදී එමගින් පීඩා විඳින්නේ අපේ දරුවන්ගේ දරුවන් විය හැකිය. මිනිසාගේ එදිනෙදා භාවිතයන් සඳහා 10%ක් පමණ භාවිතා කරයි.



නාන කාමරයකට වී ජල නලයෙන් වෑහෙන ජලය රිසිසේ  පරිහරණය කරන අවස්ථාවේදී එම භාවිතයට ගන්නා ජල බිඳක් ගැනවත් හෝ නොසිතුවාට ජාතික ජල සම්පාදන මණ්ඩල‍යෙන් කිනම් හෝ හේතුවක් මත දිනක් හෝ ජල සැපයුම් මාර්ග විසන්ධි කලහොත් අප මහත් ඉමහත් අපහසුතාවයට පත් වී දෝශාරෝපණය නොකරන්නේද?



අතීතයට වඩා වර්ථමානයේ බුද්ධිමතුන් බිහිවීමට සුදුසු පරිසරයක් ඇත. එසේ වුවද සෑම දෙයකම මිනුම් දණ්ඩ මුදල වන හේතුවෙන් බුද්ධිමතුන්ද මොහොතකට තම බුද්ධිය පසෙකලා කටයුතු කරයි.



කවුරු කොහොම කිවුවත් වැඩවර්ජන බොරු ශෝභන පසෙකට දමා අපේ ජල සම්පත රැක ගනිමු. අපේ පරිසරය අපි රැක ගනිමු. දවසින් දවස හීන වී යන වන සම්පත ආරක්ෂා කර ගන්නට පෙළ ගැසෙමු. උපන්දින සාදයක් ලෙස එක පැළයක් රෝපණය කරන්නට සිතා ගනිමු. ජලය පරිහරණය කරන එක මොහොතකදී එක ජල බිඳක් හෝ ඉතිරි කිරීම; අනාගතයේදී එය ජීවිතයක් ආරක්ෂා කිරීමට පිටුවහලක් වන්නේමය. 












We’ve all grown up taking water for granted. Turned on the tap and there's water. Flushed the toilet and there's water. Take a bath. Put on the dishwasher.

0 comments:

Post a Comment

You might also like: