Monday, August 5, 2013

Long Hiar Guiness Recorder


දිගම කොණ්ඩය කාගෙද..........

අද කියන්න යන්නෙ ලෝකයේ ගිනස් වාර්ථාගත දිගම කොණ්ඩය ගැන. මේ වාසනාවන්තිය ඉන්නෙ චීනයෙ. ඇය නමින් (X)සී ක්‍යුපින්ග්. ඇයගේ කොණ්ඩය 5.627 m (18 ft 5.54 in) ප්‍රමාණයක් දිගයි. ඇය මේ කොණ්ඩය වවන්න පටන් අරන් තියෙන්නෙ 1973 දී. එතකොට එයාට වයස අවුරුදු 13 යි. ඇයට මෙම වාර්ථාව හිමි වුණේ 2004 මැයි මස 08 වෙනිදා. ඉතින් ඔයාලත් උත්සාහ කරල බලන්න. බැරිවෙන එකක් නැහැ. මොකද අපිත් ආසියාතික රටවල අයනෙ. බලන්නකො  ක්‍යුපින්ග් මහත්මියගෙ පිංතූර ටිකක්.









ඒවගේම බාහුවල තියෙන දිගම කොණ්ඩයටත් ගිනස් වාර්ථාවක් පිරිනමල තියෙනව. ඒ වාර්ථාවෙ හිමිකරුව ඉන්නෙ ජපානයෙ. වර්ෂ 2012 දී තමයි ඔහුට ගිනස් පොතට ඇතුලත් වෙන්න අවස්ථාව උදාවෙලා තියෙන්නෙ.  කෙන්සු(z) ට්සුජි නම් වූ මේ මිනිසා අවුරුදු 63 ක් වයසැති පුද්ගලයෙක්. ඔහු පවසන්නේ සෑම ග්‍රීස්ම සෘතුවක් අවසානයෙදිම 12 - 13 cm ප්‍රමාණයක් වවාගැනීමට හැකි බවයි. ඔහුගේ බාහුවල වැවී ඇති වාර්ථාගත කොන්ඩයේ දිග 18.90 cm (7.44 in) ක්. මෙම වාර්ථාවට අදාල මිණුම් කටයුතු සිදු කරල තියෙන්නෙ ජපානයේ ටෝක්යෝ නගරයෙ ටෙයිටෝ හි ඇති ටෝක්යෝ කලා විශ්වවිද්‍යාලයේදී. ඒ ගැනත් බලන්නකො.


 


තවතවත් විශේෂිත දේවල් බොහොමයක් අරන් හැමදාම අළුත් වෙවී සෙට්වෙන්න ඉන්නව බලාගෙන ඔබ පැමිණෙනතුරු.



කර්මාන්ත අංශයෙ රැකියාවක් කරනව නම් කියවන්න


The world's longest documented hair belongs to Xie Qiuping (China) at 5.627 m (18 ft 5.54 in) when measured on 8 May 2004. She has been growing her hair since 1973 from the age of 13. 

0 comments:

Post a Comment

You might also like: