Friday, August 2, 2013

Blue Film In Sri Lankan Bus; Driver & Conductor Arrested




බස් රථය තුල අසභ්‍ය චිත්‍රපට පෙන්නූ රියදුරු කොන්දොස්තර අත්අඩංගුවට

අළුත්ම තාලේ විලාසිතාවක් විදියට දැන් අපේ රටේ බස් රථවල රූපවාහිණි යන්ත්‍ර සවි කරලා. යන එන මගීන්‍ගේ හිතසුව පිණිස මේවා සවිකර තිබුණත් ඒක මහා කරච්ඡලයක්. පසුගිය දවසක පට්ට සිද්ධියක් ආරංචි වුණා. අරලගංවිල පැත්තෙ බස් රථයක් තුල මගීන් ප්‍රවාහනය කරමින් සිටින අතර තුරදී රියදුරු (මහත්තය කියන්න නොවටින නිසා කියන්නෙ නැහැ)  නිල් චිත්‍රපට වීඩියෝවක් දාල මගීන්ට බලන්න.

කවුරුත් දන්නවනේ පහුගිය දවස්වල කරපු සමීක්ෂණයකින් කියල තිබුණෙ අන්තර්ජාලයෙන් වැඩිපුරම Sex ගැන Search කරල තියෙන්නෙ ලංකාවෙන් කියල. ඉතින් රියදුරු (මහත්තය කියන්න නොවටින නිසා කියන්නෙ නැහැ) හවසට බලන්න ගත්ත වීඩියෝවක් වැරදිමකින් දාල කියල හිතාගෙන කිහිපදෙනෙක් රියදුරු දැනුවත් කරල තිබුණත් එයා ඒක ගණන් නොගෙන ඉඳල. කොහොමහරි බස් රථය සිටි ඔළුව මොළය තියෙන තව කෙනෙක් මේ සිද්ධිය 119 ට කථා කරල කිවුවම රියදුරු සහ කොන්දොස්තර අත්අඩංගුවට අරගෙන.

ප්‍රදේශවාසීන් නම් කියන්නෙ තරුණ ගැහැණු ළමයි වැඩිපුර බස් රථයෙ ඉන්න වෙලාවට මේ විදියට හැමදාම මේ කටයුත්ත කරනව කියලයි. සමහරවිට රියදුරුට හිතුනද දන්නෙ නැහැනෙ ගැහැණු ළමයින්ට ලිංගික අධ්‍යාපනයක් දෙන්න වගේ දෙයක්. ඒකනෙ අදකාලෙ බස් රථවල ගොඩක්ම ගැහැණු අයට තනිවම යන්න පුළුවන් තත්වයක් අපේ රටේ තියෙන්නෙ. අපි කවුරුත් දන්නවනෙ ඩැයිවර්ලගෙයි කොනදන්ගෙයි තියෙන හපන්කම්. හැබැයි හැමෝම නෙවෙයි. එහෙමත් කෙනෙක් තමයි හොඳ. අනිත් හැමෝම ඉතින් බොහොම හොඳ අය.

කොහොමහරි මේ ඩබල අත්අඩංගුවට ගත්තයින් පස්සෙ නම් කියල තියෙන්නෙ, දැම්මෙ විෂුවල් තියෙන සින්දු ඩිවිඩි එකක් බවත්, ඒකෙ ඇතුලෙ නිල් කෑලි තිබුණ බවක් දැන නොසිටි බවත්. එහෙම කියද්දි මේ ඩබලට හිතිල නැහැනෙ දැන් කාලෙ පොලීසියේ කොන්ඩෙ බඳින, සූප්පුවෙන් කිරිබොන මහත්වරු නැතිබව.

කොහොම වුණත් වැඩිදුර පරීක්ෂණ සිදු කරන බවටත් ආරංචියි. පොඩ්ඩක් ඉන්නකො. මම තව ඕපයක් හොයාගෙන එන්නම්.

0 comments:

Post a Comment

You might also like: